Fri. Jun 27th, 2025

“ඩිජිටල් හැඳුනුම්පත මිත්‍යා මත බිඳ දමන්නක්”: ජනපති එදා කී කතා වෙනස් කරයි

Jan31,2025 #news #slpolitics
A special invitation from China to President Anura!

“ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.” යනුවෙන් ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2025 ආර්ථික සමුළුව අමතමින්.

ඉන්දීය ප්‍රදානයක් අනුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් මේ වන විට රටේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එයින් රටේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාව වෙත ලැබෙන බවයි චෝදනා නැගෙන්නේ.

එසේ ම වත්මන් ජනපතිවරයා විපක්ෂයේ සිටි අවදියේ මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මෙරට දත්ත වෙනත් අය අතට පත් වීමේ අනතුර සම්බන්ධයෙන් හඬ නැගූ අයෙක් වනවා. ඒ අනුව ජනපතිවරයා සිය ස්ථාවරය අතීතයට වඩා මේ වන විට වෙනස් කර ඇති බවයි පෙනී යන්නේ.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 10ක් ලබා දුන්නද ඉතිරි මුදල් මෙරට විසින් සපයා ගත යුතු බව පැවසෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *