නව මත්පැන් අලෙවිසක් විවෘත කිරීම සම්බන්ධයෙන් දිගන නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ දිනයේ ඇති විය.
එක කණ්ඩායමක් කියා සිටියේ නගරයට එක් මත්පැන් හලක් ප්‍රමාණවත් බව තවත් එකක් අනවශ්‍ය බවත්ය.
නමුත් ඊට විරෝධය පළ කරමින් තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ පැවසුවේ නව මත්පැන්හලද ඔවුන්ට අවශ්‍ය බවය.
නව මත්පැන් හල අවශ්‍ය බව පැවසූ පිරිස සඳහන් කළේ තමන් දිගින් දිගටම කසිප්පු පානය කිරීමෙන් රෝගී වන බවත් එනිසා හොඳ අරක්කු පානය කිරීමේ අවස්ථාව තමන්ට ද ලබා දිය යුතු නිසා මෙම නව මත්පැන් හල අත්‍යවශ්‍ය බවයි.
මෙම තත්ත්වය මත දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය පැමිණ ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කළහ.