අද පෙරවරුවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දහවල් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණ තිබුණා.
ඔහු නුවර පැමිණ තිබුණේ මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් බවයි වාර්තා වන්නේ.
ඔහු කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවරට පැමිණ තිබෙනවා.
හෙලිකොප්ටර් භාවිත නොකර සාමාන්‍ය රථ දෙකකින් පමණක් නව ජනාධිපතිවරයා මහනුවරට පැමිණ ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.