Sat. Jun 28th, 2025

සජිත් ප්‍රභාගේ කොන්දේසි බිඳලද?

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය ලබා දෙන බව ප්‍රකාශ කළ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කළ ඇති බව වාර්තා වෙනවා.

සමගියට 27 ක් ලෙස පසුගිය දා සමඟි ජන බලවේගය සමඟ ගිවිසුමකට එළඹුණ හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් නායකත්වය දරන මානුෂීය ජනතා සන්ධානය මෙසේ ස්වාධීන වීමට තීරණය කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ප්‍රභා ගනේෂන්ගෙන් මේ පිළිබඳව සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් සහ සිවිල් සංවිධාන 27කින් සැදුම්ලත් මානුෂීට ජනතා සන්ධානය සමඟි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වන අවස්ථාවේ “මානුෂීය ජනතා සන්ධානය විදියට අපි ලොකු කොන්දේසි දැම්මෙ නෑ. අපි කොතනද ඉන්නෙ එතන තමයි අපේ නායකතුමා ඉන්නෙත්. ඒක නිසා කිසිම කොන්දේසියක් දාන්න අවශ්‍යත් නෑ.” යනුවෙන් ප්‍රභා ගනේෂන් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *