Sun. Jun 29th, 2025

ඩයනාට නඩු

Jul11,2024

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙනවා.

ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල දන්වා සිටියා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තබා තිබෙනවා.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *