Sun. Jun 29th, 2025

ධම්මිකගේ සිහින‌ බොඳවෙයි? පොහොට්ටුවෙන් නොසිතූ තීරණයක්

Jul28,2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට එම පක්ෂයේ ඉහළ පෙලේ වැඩි නැඹුරුවක් ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයේදී කැමති තීරණයක් ගැනීමට පක්‍ෂයේ මැති ඇමතිවරුන්ටත් සාමාජිකයන්ටත් ඉඩ ලබා දීමට යයි.

ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු පොහොට්ටුව පොදුජන ඉදිරිපත් නොකරනු ඇති අතර ඒ අනුව ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් අපේක්ෂකයෙකු නම් නොකරනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවන විට ඇති වී තිබෙන බරපතල බෙදීම වළක්වාලීම සඳහා මෙම පියවර සුදුසුම විසඳුමක් වශයෙන් සාකච්ඡාවෙමින් ඇත.

කෙසේ වෙතත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පොදුජන පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස හෝ සන්ධානයක් ලෙස තරග කිරීමටද ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එම පක්‍ෂයේ ස්ථාවරය එළඹෙන සඳුදා දිනයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *