Sat. Jun 28th, 2025

කෝටි 7ක දුම්වැටි විනාශ කරයි

Sep2,2024

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් අද (2) දුම්කොළ සමාගම විසින් විනාශ කර තිබෙනවා.

දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගුව මේ වසරේ මුල් මාස හයේදී කළ වැටලීම්වලදීයි.

ජාවාරම්කරැවන් මෙම දුම්වැටි ගෙන ඒමෙන් වංචා කිරීමට බලාපොරොත්තුවූ බදු ප්‍රමාණය රුපියල් කෝටි 48 ක් පමණ වන බව සඳහන්

ගුවන් මගීන් යොදාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය එම කාල සීමාවේදී ආනයනය කර තිබූ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *