Mon. Jun 30th, 2025

කෝටි 600 ක කොකේන් විනාශ කරයි

Jul11,2024

අවස්ථා කිපයකදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව,විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරීයෙදී අද(11 ) දහවල් සිදු කෙරුණා.

මත්ද්‍රව්‍ය තොගය 2020 වසරේ අත් අඩංගුවට ගෙන තිබු අතර එහි කොකේන් කිලෝ 355 යි ග්‍රෑම්ස් 881 ක ප්‍රමණයක් අඩංගු පාර්සල් වල බහා තිබුණා.

ඒ සම්බන්ධව පැවති අධීකරණ කටයුතු නිම විමත් සමග අධිකරණය ලබා දුන් නියෝග මත මෙසේ කොළඹ සිට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට විශේෂ පොලිස් හා පොලිස් විශේස කාර්ය බලකා ආරක්ෂාව යටතේ රැගෙන විත් විනාශ කිරීම ආරම්භ කිරීම සිදුකෙරුණා.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා

එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබදව ඇමති ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුල ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19 ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස් ,කොකේන් ඇතුළු කිලෝ 1890 ක මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *