Tue. Apr 29th, 2025

දේශබන්දු තවමත් අතුරුදහන් – වැලිගම OICගෙන් CIDයට ප්‍රකාශයක්

වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ, 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ (04) අධිකරණයට භාර වූ අතර ඔහුව යළි ඇප මුදාහැරුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර තිබූ අතර කෙසේ වෙතත් මේ වන තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන නැහැ. ඔහුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *