Sun. Jun 29th, 2025

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නව පත්වීම් 22 ක්

Jul17,2024

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා .

එම නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (16) සිදු වුනා .

ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධාත්වයෙන් .

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන මහත්වරු සහභාගි වුනා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *