Sun. Jun 29th, 2025

දෙමටගොඩ චමින්දගේ බිරිඳ රටින් පනී

Jul4,2024

මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමේදී රටින් පළාගොස් තිබෙනවා.

ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහවුරුවීමත් සමග ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ඇය දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

මේ අතර, වාසනා දිල්රුක්ෂි නම් අදාළ කාන්තාවටත් දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ගේ හා ඔහුගේ බිරියටත් අයත් දේපළ පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළ නීති කෘත්‍ය එළැඹෙන 25වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතයි.

ඔවුන්ට අයත් රුපියල් කෝටි 140ක පමණ දේපළ මේවන විටත් මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *