Sun. Jun 29th, 2025

2024 දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට තීරණයක්

Jun18,2024

2009 අංක 20 දරන විදුලිබල පනතේ 30වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත‍්‍රලාභියා (ලංකා විදුලි බල මණ්ඩලය) විසින් 2024 වර්ෂය සදහා යෝජනා කර ඇති දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කරමින් පවතින අතර ඊට අදාළ උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශිලනය කළ හැකියි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2024 ජූලි 08 වන දින දක්වා බාර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ අවස්ථාව 2024 ජූලි 09 වනදා පැවැත්වෙනවා

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලබනවා

මහජන අදහස් විමසීම අවසන් වූ පසු, කොමිෂන් සභාව 2024 ජූලි 15 වනදා අවසාන තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ පහත සඳහන් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකියි..

“2024 වර්ෂයේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”
සභාපති,
ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන,
අංක 28, සාන්ත මයිකල් පාර,
කොළඹ 03

ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්: www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

වැඩිදුර තොරතුරු සඳහා දුරකතන අංක 0112392607/8

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *