සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දිනක දී මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක් පැවතිය ද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහි දී අවසන් එකගතාවයකට පැමිණ තිබුණේ නැහැ.
දෙපාර්ශ්වයේම පක්ෂ නායකයන්ගේ අවසන් එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා ද මේ වනවිට තාවකාලිකව අතරමග නතර වී තිබෙනවා.
කෙසේවෙතත් දෙපාර්ශ්වයේම පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ එළඹෙන මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව තරග කළහොත් දේශපාලන වශයෙන් වැඩි වාසි ලබාගැනීමට හැකියාව පවතින බවයි.