Sat. Jun 28th, 2025

මන්ත්‍රී නිල නිවාස ගැනත් තීරණයක් ගනියි

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ඒ බව ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන තෙක් පාවිච්චි කිරීමට ඉඩ ලබා දෙන බව ද දැනුම්දී තිබෙන බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින එම නිවාස යළි බාර දෙන ලෙසයි වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *