Sat. Jun 28th, 2025

ප්‍රියා සමුගනී

Dec24,2024

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණා.

ප්‍රියා සූරියසේන යනු ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ මිහිරි හඬින් ගායනා කළ ගීත බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදාකාලිකව සුරැකී තිබෙනවා.

ප්‍රියා සූරියසේන තම සංගීත ගමන ආරම්භ කළේ සමූහ ගායන කණ්ඩායමක් හරහායි. යොවුන් ගායන කණ්ඩායමක් වශයෙන් ඔවුන් ගායනා කළ ගීත තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වුණා.

ප්‍රියා සූරියසේන ගායනා කළ ගීත අතරින් “ඈත රන්විමන්”, “මට වාසනා”, “ආදරනීය නේරංජනා”, “හෙට දවසේ”, “සුදු පරවි රෑන” වැනි ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *