කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට ස්ථිර විසඳුමක් ලෙස ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය තව මාස තුනකින් විවෘත කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූපසිංහ මහතා පවසනවා.
වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ.
චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව කොන්ත්‍රාත්කරු ලෙස මෙම ව්‍යාපෘතියේ කටයුතු කරනවා.
ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී ෂූ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු විමල් කණ්ඩම්බි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.