රංගන ශිල්පිණී දමිතා අබේරත්නට සමගි ජනබලවේගය විසින් අවසන් මොහොතේ නාමයෝජනා අහිමි කිරීම ගැන පුවත මහත් ආන්දෝලනයකට ලක් වුණා. ඇය එහිදී ඍජුවම චෝදනා කරනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේටයි.
අවසන් මොහොතේ ඇගේ නම ටිපෙක්ස් මගින් ඉවත් කර වෙනත් නමක් ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් මෙම සිදුවීමට පෙර හේෂා සහ දමිතා ඉතා හිතවත් ලෙස සංවාද කරන අයුරු දැක්වෙන හඬපට සමාජ ජාලා වෙත නිකුත් වී ඇති අතර ඒවා සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති කිරීමටද සමත් තිබෙනවා.