විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වැඩවර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා .
මේ අතර, ප්‍රවාහන අමාත්‍යවරයා සිය ඉල්ලීම් අද (15) කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට මුහුණ දෙන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එම සංගමයේ සභාපති සුමේධා සෝමරත්න සඳහන් කළේ හෙට (16) රැස්වී අවසන් තීරණයක් ගන්නා බවයි.