වන සතුන්ට සිදුවන හානි පිළිබඳව දැනුම්දීමට දුරකතන අංක 1992ට අමතන්නැයි වනජීවී දෙපාර්තුමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කඳුකර කොටියන් ඇතුළු වන සතුන් ඉලක්ක කරගනිමින් අටවන ලද මඳු, උඟුල්, තුවක්කු බැදීම්,හක්කපටස් ඇටවීම්, විදුලි රැහැන් ඇදීම් නිසා වන සතුන්ට දැඩි පීඩාකාරී සිදුවීම් වන බව යි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එවැනි පීඩාවක් හෝ අකටයුත්තක් වේනම ඉහත දුරකතන අංකයට කඩිනමින් දැනුම්දීමෙන් එම සතුන්ට කඩිනමින් ප්රතිකාර කිරීමටත් ඔවුන්ගේ ජීවිත අවධානම අවම කර ආරක්ෂාව ලබාදීමටත් පියවර ගැනීමට හැකිවන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනවා.
උඩරට වතුකරයේ කඳුකර කොටි මරණ හා මෙරට අනෙකුත් ප්රදේශවල සිදුවන වන සත්ත්ව මරණ හා වන සතුන්ට සිදුවන හානි අවම කරගැනීම සඳහා වනජීවී අධ්යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් ක්රියාත්මක කොට තිබෙන බවයි ඔවුන් පවසන්නේ.