ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ (2024) ගත වු මාස 08ක කාලය තුළ රුපියල් ට්‍රිලියනයක (රුපියල් බිලියන 1000ක්) රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසන්නේ මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූ බවයි.
2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්. නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළඟා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මීට පෙර ඉතිහාසයේ රේගුවේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත් එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු පෙන්වා දුන්නා.
සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියා.