රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙල අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනපතිවරයාට ලිපියක් ලියමින් කියා සිටිනවා.
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනපති දැක්ම අනුව කටයුතු කරමින් දූෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කරන කටයුතු අවුල් කිරීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.
නීතියට පටහැණිව මත්පැන් බලපත්‍ර ලබා දෙද්දී හෝ අනවසර මත්පැන් නිසා ජනතාවට හානිවෙද්දී නිහඬව සිටි ජාතික සංඝ සම්මේලනය සුරාබදු කොමසාරිස්වරයාගේ සාධනීය කටයුතුවලට එරෙහිව පෙරට ඒම කණගාටුදායක බව බොහෝ දෙනා කියා සිටිනවා.