Wed. Apr 30th, 2025

කබ්‍රාල් ඇතුළු පහකට සිතාසි

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්‍රාල් ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (26) නියෝග කළා.

අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

මීට පෙර මෙම ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂය මත විත්තිකරුවන් නිදහස් කළා.

තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් කොමිසම පසුගිය අගෝස්තු 21 වැනිදා නැවත නඩු පැවරීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව ඊයේ (26) සිතාසි නිකුත් කෙරුණේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ. කරුණාරත්න යන විත්තිකරුවන්ටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *