Sat. Jun 28th, 2025

සියලුම පොලීසිවලට ඔන්මැක්ස් ගැන නියෝගයක්

Sep25,2024 #business #onmax #sl economy

ඔන්මැක්ස් ටී. ඩී (Onmax TD) පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු අකෘතියක් පිළියෙල කර ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත් එම පැමිණිලි භාර ගන්නා ලෙසත් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එමෙන්ම එම නියෝග පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) වෙත යවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම පිරමිඩ ජවාරමට අදාළ නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුම දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ තැන්වැනි විත්තිකරු වන සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නැමැත්තා හට ලබන ඔක්තෝබර් 04 වැනිදා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔහුගේ දේපළ සම්බන්ධයෙන් තක්සෙරු වාර්තා ලබාගැනීම සඳහා අවශ්‍ය වන ඉඩම් හා නිවාස වල පිඹුරුපත් වාර්තා එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසත් වැඩි දුරටත් නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් ප්‍රනාන්දු පෙනී සිටියා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න ඇතලු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටියේය .

නඩුව නැවත ලබන ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *