අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාරට ඊයේ (30) නියෝග කර තිබෙනවා.
ඒ පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටියදී මීට වසර 08කට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු සම්බන්ධයෙන්.
කළුතර, අවිස්සාවෙල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටි හීලෑ අලින් තිදෙනකු 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගන්නා ලද අලි තිදෙනා නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23වන දින අධිකරණය මගින් නිකුක් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළා.
එම අලි තිදෙනා මේ වනවිට උඩවලව රඳවා තබා ඇති බව අධිකරණය මාර්ගයෙන් අනාවරණය වුණා.