අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ඔවුන් සැප්තැම්බර් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් අද දින අධිකරණය වෙත රැගෙන ආවා.