මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ අස්ථානගත වූ ගිනිඅවිය සඳහා ව්‍යාජ සටහන් දැමූ පොලිස් සැරයන්වරයකු සහ එයට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සහ එයට යොදන පතුරොම් පහළොවක් රාජකාරියට ලබාගත් සැරයන්වරයා ගිනිඅවිය අස්ථානගත වීමෙන් පසුවත් එය භාරදුන් බවට සටහන් යොදා තිබුණා.
එය නිසි ලෙස භාරදුන් බවට අධීක්ෂණය නොකර පොලිස් කොස්තාපල්වරිය විසින් සටහන් යොදා ඇති බව ද පොලිසිය පවසයි