2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එම සංඛ්‍යාව හත් ලක්ෂ පනස් නම දහස් දෙසිය දහයක් (759,210) බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.
ඉන් අයැදුම්පත් 20,551ක් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව සමස්ත තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 738,659ක්.
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවත් මේ වනවිට ඒවා අදාළ දිසත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබා දී ඇති බවත් මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව එම තැපැල් ඡන්ද පත්‍රිකා මෙම සතියේදී නිකුත් කෙරෙනු ඇති.