Sat. Jun 28th, 2025

බස්නාහිර පළාතේ ක්ෂය රෝගීන් වැඩි වෙයි

පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් 46%ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

ඉන් 25%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් සඳහන් කළා.

වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන අතර දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට හේතුව බව විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *