ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම සහ පොලීසිය පවසනවා.
ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිසමට පැමිණිලි සංඛ්‍යාව 925ක් ලැබී ඇති බවත් ඉන් 901 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණීලි සංඛ්‍යාව 14කුත් මැතිවරණ නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29කුත් ලැබී ඇති බව පොලීසිය සඳහන් කළා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි.