Sat. Jun 28th, 2025

කෑමටත් පොලු තියා ගිය මන්ත්‍රීලා!

Oct2,2024 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා නැති බව වාර්තා වෙනවා.

මේ නිසා පසුගිය මාසයේ මන්ත්‍රී දීමනාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ආරංචිමාර්ග පවසන්නේ.

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසන් දීමනාව හෙයින් බොහෝ දෙනෙක් ඒ් පිළිබඳව විමසීම් කර ඇතත් මෙම ණය මුදල් කපා ගැනීමට අවශ්‍ය බැවින් දීමනා ලබා දීම ප්‍රමාද කර තිබෙනවා.

මෙයට පෙර 27 වැනි දා වන විට මන්ත්‍රී දීමනාව ලබා දෙනු ලැබුවා.

පාර්ලිමේන්තු භෝජනාගාරවල බාහිර සමාජයට වඩා ඉතා අඩු මුදලකට ආහාර ලබා දෙන බව පසුගිය කාලයේ කතාබහට ලක් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *