Wed. Apr 30th, 2025

ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් ජනතා ප්‍රදර්ශනයට

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි මැතිවරණ වියදම් වාර්තා මෙසේ ප්‍රදර්ශන කරන බවයි.

පනත අනුව එම වියදම් වාර්තා බාරදීමේ අවසාන දිනෙන් දින දහයකට පසු ඒවා ජනතාවට ප්‍රදර්ශනය කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන) චින්තක කුලරත්න පැවසුවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකු ආදායම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *