ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 දක්වා අත්පිටපත් භාර ගන්නා බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසනවා.
නව මුහුණු වරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේදී ශාස්ත්‍රීය,පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය,යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂාකරන අතර ආධාර මුදල ද ඉහළ දමනු ඇත.
එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000.00ක්, නවකතා සඳහා රුපියල් 100,000.00ක්, කෙටිකතා සංග්‍රහය සඳහා රුපියල් 100,000.00ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000.00ක් පිරි නැමීමට නියමිතයි.
එසේම තෝරා ගන්නා මෙම කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
