Sat. Jun 28th, 2025

මාලිමා ලොක්කෝ ගිය සුපිරි ප්‍රසංගය ගැන ආන්දෝලනයක්

Nov25,2024 #2024 #news #slpolitics

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ (23) රාත්‍රියේ පැවැත්වූ සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත්, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්, අමාත්‍ය සුනිල් වටගල ආදීන් පැමිණ සිටීම මේ වන විට සමාජ මාධ්‍යවල සංවාදයක් ඇති වී තිබෙනවා.

ABBA යනු 70 දශකයේ ලෝකයේ ජනප්‍රියතාවයේ හිණිපෙත්තට නැගි සංගීත කණ්ඩායමක්. මෙම සංගීත කණ්ඩායම නැවත ප්‍රතිසංවිධානය වී නවකයන් හා එක්ව සංගීත ප්‍රදර්ශන පවත්වන අතර මේ සඳහා ඉහළ මිලක් අය කෙරේ. 23 දා පැවැති සංගීත ප්‍රසංගය ද රු. 50000ක තරම් මිලකට ප්‍රවේශ පත්‍ර මිල සඳහන් වූ එකක් බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම සංගීත ප්‍රසංගය වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සහභාගි වී සාධනීය සහ නිෂේධනීය ලෙසින් ගෙන අදහස් දක්වනු පෙනෙනවා. එක් පිරිසක් පවසන්නේ, මෙවැනි මිල අධික ප්‍රසංගයන් කෙරෙහි මාලිමා කාරකාදීන් මෙයට පෙර සැලකුවේ මෙසේ නොවන බවයි. ටිල්වින් සිල්වාගේ ප්‍රසිද්ධ වේදිකා කතාවේ ඉදිරිපත් කරන “කුසට සාගිනි-හදට සෝගිනි” කවිය ඔවුන්ගේ අදහසට ප්‍රධාන කොටගෙන තිබෙනවා.

අනෙක් පිරිසගේ මතය වන්නේ, මෙවැනි සංස්කෘතික කටයතු වෙනුවෙන් සහභාගි වීම හොඳ දෙයක් බවයි. මැතිවරණ පීඩනයන් අස්සේ කාලයක් කටයුතු කළ බැවින් නායකයන්ට මානසික විවේකයක් අවශ්‍ය බව ඔවුන් කියා සිටිනවා. එසේ ම මෙවැනි සංස්කෘතිකාංග සඳහා සාමාන්‍ය ජනයාටද අවස්ථාව විවර වන ආර්ථිකයක් නිර්මාණය විය යුතු බව ද ඔවුන් පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *