හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මානව හිමිකම් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් විසිපස් හැවිරිදී පොලිස් කොස්තාපල්වරයා රිදියගම දේවාලයේ හන්දිය ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සොයාගත් බව ද පොලිසිය වැඩි දුරටත් අනාවරණය කළා.