රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොයුරු තිසර නානායක්කාර විසින් කර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම පැමිණිලි අනුව පමණක් රුපියල් පන්කෝටි හැත්තෑපන්ලක්ෂයක වංචාවක් සිදුකර ඇති බවයි කියවෙන්නේ.
ෆින්ලන්තයේ රැකියා පොරොන්දු වී ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි පළමු වරට ගම්පහ ප්‍රදේශයේ අයෙක් කළ පැමිණිල්ලකට අනුව හිටපු ඇමැති සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවා.