Sun. Jun 29th, 2025

සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Jul22,2024

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ සිටියා.

ඔවුන් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව පැමිණිලි කිරීමට එලෙස පැමිණි බවයි.

සමගි ජන බලවේගය මැතිවරණ කොමිසම වෙත ලිපි තුනක් භාරදී තිබෙනවා.

ඉන් එක් ලිපියක් රජයේ මුදල් යොදවමින් අනියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බවට චෝදනා කරමිනුයි.

පොලිස් නිලධාරීන් හා පොලීසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවන බවට අනෙක් ලිපියේ සඳහන්.

රාජ්‍ය සම්පත් භාවිතයෙන් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදුකරන බවට ද ඔවුන් මෙහිදී ලිපියක් භාරදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *