Sat. Jun 28th, 2025

අනුරට එරෙහිව පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එරෙහිව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කඩවත ප්‍රදේශයේ දේපළක් හිමි අනුර කුමාරට මාදිවෙල නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවසක් ලබා දීම සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

“නියමිත ක්‍රියාපටිපාටිය අනුව මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරයකුට නිවසක් ලබා දෙන්න හැකි වෙන්නේ ඔහුට හෝ ඇයට, එහෙම නැත්නම් ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයාට පාර්ලිමේන්තුවේ සිට සැතපුම් 25ක්, ඒ කියන්නෙ ආසන්න වශයෙන් කිලෝ මීටර් 40ක් ඇතුළත නේවාසික දේපළක් නැත්නම් විතරයි. නමුත් කඩවත, රන්මුතුගල ප්‍රදේශයේ නිවස පිහිටි අනුර කුමාරගේ බිරිඳමට ඇති නිවසේ සිට පාර්ලිමේන්තුවට තියෙන්නෙ ආසන්න වශයෙන් කිලෝ මීටර් 28ක විතර ප්‍රමාණයක් විතරයි.” යනුවෙන් දර්ශන තන්ත්‍රිගේ ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *