Sat. Jun 28th, 2025

අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට ආයෙත් නඩු

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින බව දැන දැනම එරට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළ බවට චෝදනා කරමින්.

2012 වසරේදී ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම කබ්රාල්ට විරුද්ධව පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය මැයි 31 වන දින  නියම කළා. ඒ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තැබීම නිසා විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින්.

මෙම නියෝගය වැඩි දුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට එරෙහිව යළිත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *