මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත ක්‍රියාකාරිකයෙකු තම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරමින් ජාතික ජනබලවේගය වාර්තාවක් තබා තිබෙනවා.
මෙලෙස දෘශ්‍යාබාධිත අයෙකු කිසියක් පක්ෂයක් විසින් ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
මෙම තීරණය සමාජයේ බොහෝ පැසසුමට ලක්ව තිබෙනවා.
සුගත් වසන්තද සිල්වා නම් ක්‍රියාකාරිකයෙක් වන ඔහු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි කවුන්සිලයේ කැඳවුම්කරුද වනවා.