Sat. Jun 28th, 2025

මාලිමා මන්ත්‍රීලා අනවශ්‍ය වැඩකට ඇඟිලි ගහන්න යයි: නොසන්සුන්තාවක්!

Dec30,2024 #news #slpolitics

කුරුණෑගල බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකායන් ප්‍රවාහනය සම්බන්ධයෙන් මැදිහත් වීමට පැමිණි මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙකු නිසා නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මැදිහත්වීමට පැමිණි බව කියමින් එහි සිටි පිරිස් මන්ත්‍රීවරු දෙදෙනාට චෝදනා නැගුවා.

පෞද්ගලික ආයතනයක ප්‍රවාහන සැපයීම් සම්බන්ධයෙන් මෙලෙස මැදිහත්වීම සුදුසු නොවන බවයි එහි සිටි පිරිස් පැවසුවේ. කෙසේ වෙතත් දැනට ප්‍රවාහන පහසුකම් සපයන පිරිස් පවසන්නේ මන්ත්‍රීවරුන් පැමිණ එහි ප්‍රවාහන පහසුකම් තමනට ලබා දෙන ලෙස ආයතනයට බලපෑම් කරන ලද බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *