මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ සඳහා දින කිහිපයක් ගතවනු ඇති අතර ලබන සතිය මුල වන විට අපේක්‍ෂකයන්ට අංක නිකුත් කරන බවයි.
සියලු අපේක්‍ෂක ලැයිස්තුවල නම් අකාරාදී පිළිවෙළට සකස් කර අංක දීම මෙහිදී සිදු කරනු ලබනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) මධ්‍යහ්න 12 න් අවසන් වුණා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බවයි.
එමෙන්ම නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කියා සිටියා.