Sat. Jun 28th, 2025

පුංචි ඡන්දයේ අපේක්ෂකයන් ගැන කොමිසම කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ 2023 වසරට අදාළව ලබාදුන් නාම යෝජනා අනුව බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ සම්බන්ධව කිසියම් අපේක්ෂකයකුට විරෝධයක් තිබේ නම් අධිකරණය හමුවට යා හැකි බවයි කොමසාරිස්වරයා පවසන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇත්තේ දැනට කැඳවා ඇති නාම යෝජනා අනුව බව පැවසූ ඒ මහතා දැනට නාම යෝජනා ලබාදී ඇති අපේක්ෂකයන් වෙනත් දේශපාලන පක්ෂවලට ගොස් ඇති නම් එය තම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ යුතු බව සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ඇත්තේ දැනට නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයෙක් මියගොස් ඇති නම් ඒ වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ආදේශ කිරීමට අවස්ථාව ලබාදීම පමණක් බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහනුවර පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *