Sat. Jun 28th, 2025

හිඟ බදු ගැන කොමසාරිස් කියයි

Aug27,2024 #custom #income tax #sri lanka #tax

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරවල සත්‍යතාවයක් නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ ක‌ළේ ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්.

බදු අය කරන ප්‍රධාන ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බවත් ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් ට්‍රිලියන 3ක ආදායමක් ඉක්මවා ඇති බවත් වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වී ඇති බවත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *