2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කළ නොහැකි බවත් මේ හේතුවෙන් මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් මේ වන විට ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති බව ඔහු වැඩි දුරටත් පවතිනවා.
කෙසේවෙතත් මිය ගිය අපේක්ෂකයෙකු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කළහොත් ඒ පිළිබඳව සළකා බැලිය හැකි බවත් ඔහු පැවසුවා.