මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබෙනවා.
12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව මහජන ප්‍රදර්ශනයට තැබීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් ජනාධිපතිවරණයට තරග කළ කිසිදු අපේක්‍ෂකයකු මේ වන තෙක් සිය ප්‍රචාරක වියදම් වාර්තා මැතිවරණ කොමිසමට භාර දී නොමැති බවයි වාර්තා වෙන්නේ.
මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්‍ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නීතියට අනුව අපේක්‍ෂකයකු ඡන්ද දායකයකු වෙනුවෙන් උපරිම ලෙස වියදම් කළ හැක්කේ රුපියල් 119ක් පමණක් බව මැතිවරණ කොමිසම තීන්දු කර තිබුණා.