Sat. Jun 28th, 2025

නාමයෝජනා ගැන කොමිසම කියන අලුත් කතාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වනවා.

ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ලබන 8 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු වන බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *