Sat. Jun 28th, 2025

ජාජබේ පාටියට සීල් තියලා නෑ

ජාතික ජන බලවේගයේ නායකයින් කිහිපදෙනෙකු සහ ගල්කොරිකරුවන් කිහිපදෙනෙකු අතර පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර දිවා ආහාර ලබා දීමේ සැලසුමක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරනවා.

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු පසුගියදා (03) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බව සඳහන්.  

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බවයි. එම අවස්ථාවේ හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දේශීය සහ විදේශීය සංචාරකයන් ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *