Wed. Apr 30th, 2025

කොළඹ නගර සභාව බය වෙලා : වේගයෙන් වැඩ කරයි

Colombo Municipal Council Photograph

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මහජනතාවට අවදානම් සහිත ගස් හඳුනාගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව කොළඹ මහ නගර සභාව පවසනවා.

පොලිසිය සහ මහජනතාව විසින් දැනටමත් අධි අවදානම් යැයි සලකුණු කර ඇති ගස් මේ වනවිට ඉවත් කරමින් පවතින බවයි නගර සභාව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසා ඇත්තේ කොළඹ නගරයේ අවදානම් ගස් කැපීමට සහ ගස් නඩත්තු කිරීමේ කටයුතු සඳහා කොළඹ නගර සභාවට කණ්ඩායම් තුනක් ක්‍රියාත්මකව සිටින බවයි.

අඩු කොළ, මල් හෝ අතු පවතින, ශක්තිමත් කඳක් හෝ නොගැඹුරු මුල් ඇති ගස් සිටුවීමට පෙර පර්යේෂණ සිදුකර නොතිබූ බව ද ඇය සඳහන් කළා.

“ගසක් අවදානම් ද යන්න 100% සහතික කළ හැකි උපකරණ හෝ පද්ධතියක් නැහැ. කොළඹ ගසක් අනතුරුදායක වීමට බොහෝ හේතු තියෙනවා. ගස් නඩත්තු කරමින් අලංකාර කරන එකම නගරය කොළඹ. එය උද්‍යාන නගරය ලෙස සළකන නිසා ඒවා කළමනාකරණය කිරීම දුෂ්කරයි. කඩා වැටුණොත් දැඩි හානි සිදුකළ හැකි ගස් තිබෙනවා, නමුත් ඒවා මහජනතාවට ඉහළ අවදානමක් ලෙස හඳුනාගෙන නැහැ.” යැයි ඇය පවසා සිටියා.

අනතුරුදායක ගස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් කොළඹ නගර සභාවට ඒ පිළිබඳව හදිසි ඇමතුම් අංකය වන 110 මගින් දැනුම් දෙන ලෙසත් භද්‍රානි ජයවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව පර්යේෂණ සිදුකිරීමෙන් පසු කොළඹ මහ නගර සභාව විසින් කරඳ, මී ගස, නා ගස සහ කොබෝලිල ගස වැනි මහජනතාවට අවදානම අඩු ගස් විශේෂ කිහිපයක් කොළඹ නගරයේ සිටුවීම සඳහා හඳුනාගෙන ඇති බව ද ඇය සදහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *