Sat. Jun 28th, 2025

මාස 15කට පසු ඩොලරයේ සුවිශේෂී වෙනසක්

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් ලෙස සටහන් වනවා.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව, එනම් මාස 15කට පසුව පළමු වතාවට වීම විශේෂත්වයක්.

මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *