රජය විසින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහනේ සමාරම්භක උත්සවයට අදාළව ගෙවීමට ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දිසානායක විසින් ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ගණන් සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
සාමාන්‍යයෙන් සිදු වෙන පරිදි ඇස්තමේන්තු ලබා ගෙන ඇති බවත් මුළු වියදම ලක්ෂ 9ක් පමණක් බවත්, ගායකයන්ට ගෙවූ බව කියූ සහ විවිධ ගණන් සම්පූර්ණ අසත්‍ය බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.